ෆේස්බුක් නව නිවහන.

පලවන වාර්ථාවකින් පැවසෙන්නේ ලොව අංක එකේ සමාජ ජාල වන ෆේස්බුක් ප්‍රථම වරට ඇමරිකාවෙන් බැහැර තවත් නිවසක් ගොඩ නගන්නට තීර්ණය කර ඇති බවයි. ඒ ස්වීඩනයේ ආක්ටික් කලපයට සැතපුම් 60ක තරම දුරකින් මෙම නව  නිවස්න ඉදිකරන්නට තීරනය කර ඇති බවටයි කියවෙන්නේ. දැනට සැලසුම් කර ඇත්තේ සර්වර ශාලා තුනක් ලෙස වන අතර මේ සදහා පාපන්දු ක්‍රීඩා පිටි 11 පමන ඉඩ කඩක් වෙන්කර ඇති බව කියවෙනවා.
 අවට පරිසරයේ අඩු උෂ්නත්වය සර්වරයන්ගේ පැවැත්මට බෙහෙවින් හිතකර වනු ඇති බවට හා එම භූමිභාගයට නුදුරින් ගලායන  විශාල ගංගාව  ජල විදුලිය සපයා ගැනීමේදී සහය කරගන්නට  වන බලාපොරොත්තුව මෙම තීර්නයට ප්‍රධාන ලෙස බලපාන බවටයි කියවෙන්නේ.වසර 2012 දී පමන මෙම  ඉදිකිරීම නිම කරන්නට සැලසුම් කර ඇති බවටත් එහි කියවෙනවා. මෙවන් පදනමක් මත ගූගල් ආයතනයද 2009දී තම සර්වරයක් ඉදිකරන්නට  තීරනය කල බවටත් එහි සටහන් වනවා.

ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ දුර්වලතාවය..

ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ සැකසුම් දුර්වලතාවයක් භාවිතා කරමින් භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ඔහුගේ වෙබ් කැමරාව හෝ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරන්නට සමත් ආකාරයේ "සයිබර් නොහික්මීමක්"  පසුගිය දිනවල කථා බහට ලක්විනි. "ක්ලික්ජැකින්" ලෙස හදුන්වනමෙම ආකාරයේ පහරදීමකදී භාවිතාකරන්නා නොමග යවමින්  ඔහුගෙන් ලබාගන්නා ක්ලික් පනගැන්වීමක් තුලින් මෙම ක්‍රියාත්මකබව ආරම්භකිරීම පහර දෙන්නාගේ උපංක්‍රමය වන බවටයි පැවසෙන්නේ.

ලොව මිල අධිකම ජංගම දුරකථනය.

ලොව මිල අධිකතම ජංගම දුරකථනය ලෙස සැලකෙන යුරෝ මිලියන 5 ක වටිනාකමින් යුත් ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබේ. Apple iPhone 4 වර්ගයේ මෙම දුරකථනයේ අලංකාර සැලසුම් නිර්මාණය කර ඇත්තේ ලොව මිල අධික නිර්මාණ සඳහාම සැරසිලි සකස් කරන්නෙකු වන ස්ටුවර්ට් හග්ස් විසිනි. රොස් ගෝල්ඩ් උපයෝගී කරගෙන දෑතින්ම නිර්මාණය කර ඇති මෙම දුරකථනයේ බාහිර අංකරණය සඳහා තනි දියමන්ති 500 ක් යොදාගෙන ඇත. ඇපල් ලාංඡනය නිර්මාණය සඳහා පමණක් දියමන්ති 53 ක් යොදාගෙන තිබේ. 

ෆේස්බුක් සහ skype මගුල....

ලෝක ප්‍රකට වෙබ් අඩවිජාල දෙකක් වන ෆේස්බුක් සහ ස්කයිප් සමාගමි එකට එක්ව නව සේවාවක් සැපයීමට ගිවිස ගෙන තිබේ...
 ඒ අනුව ස්කයිප් වෙබ් පිටුව තුළ ෆේස්බුක් වෙබ් අඩවියටද පිවිසිය හැකි ආකාරයට සමිබන්ධ විය හැකි ලෙසට සකසන අතර ඒ හරහා තම හිත මිතුරන්ට නොමිලේ ඇමතිය හැක.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money